ශිල්ප vs ශාස්ත්‍ර - Sigiriya and Vocational Education

Lakshman Piyasena is a senior journalist who was the Editor In Chief at Lake House - The Associated Newspapers of Ceylon Ltd. 

Lakshman now plays the role of communications manager for Avinya Foundation to help spread the message on the value of vocational education. 

He recently published a book “Baron; Magaerunu Maga” (බාරොන්- මඟඇරුණු මඟ), a  full-length Sinhala language biography of Sir Don Baron Jayatilaka. I highly recommend you read this book to understand some of the key points on possible sustainable development strategies for Sri Lanka. 

Lakshman also wrote an article on the prominence of Shipa to help empower and develop communities across the country. 

සීගිරිය සහ වෘත්තීය අධ්‍යාපනය

ජීවිතය දිනවන රුවන් දොරටුවක් විවර කරන්නට අධ්‍යාපනයට හැකිය. එය අත්හදා බලන්නට හෝ අත්විඳින්නට හෝ අවස්ථාව ලැබෙන්නේ අධ්‍යාපනයේ ස්වභාවය අනුවයි. එනම් අධ්‍යාපනය කුමක් සඳහාද යන වැටහීමෙන් යුතුව එමඟ තෝරා ගන්නේ නම් ය. අධ්‍යාපනය ලෝකය ගැන අවබෝධයට මෙන්ම ජීවිකා වෘත්තියටත් මඟ පෙන්වීම පිණිස විය යුතුය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය එවැනි තෝරා ගැනීමකට ඉඩ දී නැත. එපමණක් නොව විසිඑක් වැනි සියවසේ තෙවැනි දශකයට එන විටත් ලංකාව අනුගමනය කරන්නේ වසර අසූවකට ඈත සිට ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයම යි. පුද්ගලයාගේ කුසලතාව මතු කරන අධ්‍යාපනික මඟක් පාදා ගන්නට, ඊට වටිනාකමක් දෙන්නට තවම හැකි වී නැත. වෘත්තීය අධ්‍යාපනය ගැන ලංකාව නොදන්නා තරම්‍ ය. එහෙත් ලෝකය එසේ එක තැන නතර වී නැත. විෂය මූළික අධ්‍යාපනය වෙනුවට සිද්ධි මූලික අධ්‍යාපනය පවා වෙන්සව හිතන රටවල් තම පාසල් වෙත හඳුන්වා දෙමින් සිටී.

සාමාන්‍යපෙළ දක්වා නිර්දේශ කරන විෂයයන් 9ක් හෝ ඊට වැඩි ගණනක් පදනම් කරන ඉගෙනීම ඉලක්කයක් නැතිව කාලය අපතේ යැවිමක් බව නූතන අධ්‍යාපනයේ පිළිගැනීමයි. කැමති සිද්ධි කිහිපයක් සිසු සිසුවින්ට තෝරා ගැනීමට ඉඩ සලසා ඉතිහාසය, විද්‍යාව, ගණිතය, සෞඛ්‍යය, වාණිජ ආදී විෂයයන් එම සිද්ධි වලට අදාළව ඉගැන්වීමයි වර්තමාන අධ්‍යාපන අත්හදා බැලීම වී ඇත්තේ. නිදසුනක් ලෙස ගන්නේ නම් ලංකවේ ආර්ථිකය කඩා වැටීම, පාසල් සිසුන් අතර ‘අයිස් වසංගතය’ ව්‍යාප්ත වීම, මෘදුකාංග කර්මාන්තය, ඇඟළුම් නිශ්පාදනය ආදී දේ අධ්‍යාපනය සඳහා තෝරා ගත හැකි සිද්ධි වේ. එහි මූලික ඉලක්කය කැමති ඉගෙනීමකට සහ වෘත්තීය කුසලතාවකට ඉඩ සැලසීමයි. නූතන අධ්‍යාපන ක්‍රමෝපායන් වෘත්තීය නිපුණතාව කෙරෙහි වැඩි අවධානයක් දක්වයි. අධ්‍යාපනය ගැන එසේ වෙනස්ව කල්පනා කිරීම ලංකාවට තව දුරටත් මඟඅරින්නට හෝ ප්‍රමාද කරන්නට හෝ නොහැකියි.

අධ්‍යාපනය ලෙස ලක්වැසි බහුතරය කල්පනා කරන්නේ, ශිෂ්‍යත්ව විභාගය සමත් නම්, සාමාන්‍යපෙළ සමත් නම්, උසස්පෙළ සමත් නම්, විශ්වවිද්‍යාලයටත් ගියා නම් සියල්ල සම්පූර්ණ බවයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වාර්ෂිකව ඇතුළුවන ඉතා සුළු ප්‍රතිශතය හිතන්නේ උපාධිය යනු රැකියාවකට නියත උරුමයක් ඇති පෙර පිනක් ලෙසිනි. එය මිත්‍යාවකි. උපාධියක් යනු රැකියාවක් සඳහා අත්‍යවශ්‍ය වෘත්තීය සුදුසුකමක් නොවන බව වටහා ගන්නට පවතින අධ්‍යාපන ක්‍රමයෙන් අනුබලයක් නැත. මේ නිසා අවුරුදු 17 සිට 27 තෙක් වසර 10ක් තම තරුණ කාලය කිසිදු ආදායම් මාර්ගයක් ද නැතිව නාස්ති කරන්නට මෙරට තරුණ පරම්පරාවට සිදු වී ඇත. මෙම සවභාවය වෙනස් නොකරන තෙක් ලංකාව පොහොසත් රටක් නොවේ. මේ ගැන වෙනස් ලෙස නොසිතන තාක් ලක්වැසියා බලාපොරොත්තු සුන්කර ගත් සැම අතින්ම දුප්පත් ජාතියක් වීම ද වැළක්විය නොහැකිය.

ලංකාවට සිදු වූ විශාලම වරද වන්නේ ‘ශිල්ප - ශාස්ත්‍ර’ යන අධ්‍යාපන සමස්ථයෙන් ‘ශිල්ප’ කොටස අතහැර ‘ශාස්ත්‍ර’ කටපාඩම් කොට විභාග සමත් වීමට පොරබැදීමයි. ඒ අන් කිසිවකට නොව තම පුරාජේරුව, මමායනය අනෙකාට පෙන්වීමටයි. බහුතරයක් දෙමාපියන් තම දරුවාට මග පෙන්වන්නේ ද එතැනටයි. වෘත්තීය සුදුසුකමකින් තොරව රැකියාවක් හිමි නැති බවට විශ්වවිද්‍යාලය තෙක් ගියත් දැන ගන්නේ ද නැත. පරමාණු බෝම්බයෙන් දූවිලි බවට පත් ජපන් ආර්ථිකය දශක පහකට අඩු කාලයකදී ලොව දෙවෙනි ආර්ථිකය හිමි රට බවට නැගිට්ටේ ‘ශිල්ප’ කොටසට වැඩි ඉඩක් දීමෙනි. එරට අධ්‍යාපනය වෘත්තිකයන් බිහි කළා මිස විද්‍යාඥයන් ගැන එතරම් අවධානයක් ගත්තේ නැත. ලංකාවේ කටපාඩම් අධ්‍යාපනයෙන් බිහි කළ විද්‍යඥයෝද නැත.

අදටත් ඩොලර් උපයන්නට සමත් ලෝකෙට පුදුමයක් සහ ලෝක උරුමයක් වූ සීගිරිය, ශිල්පීන්ගේ හෝ වෘත්තිකයන්ගේ වැඩක් මිස ශාස්ත්‍ර ප්‍රමුඛ කිරීමේ ප්‍රථිපලයක් නොවේ. අපේ මුතුන් මිත්තන් හොඳින් දැන භාවිත කළ එම වෘත්තීය අධ්‍යාපනයට අප පිටු පෑවේය. 1943දී සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සර්වජන අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින්, හිස, හිත සහ ‘අත’ ශක්තිමත් කිරීම ලෙස අතුළත් කළ වෘත්තීය අධ්‍යාපනයටත් එතුමාට මෙන්ම අප පිටුපෑවේය. එහෙත් රට බංකොලොත් වීම හමුවේ ද සඟවන්නට නොහැකි ඇත්ත වන්නේ වෘත්තීය හැකියාව පෙරට නොගෙන ලංකාවට නැගිටීමක් නැති බවයි. ජපානය ආදර්ශයට ගන්නා ලෙස එදා අනගාරික ධර්මපාල අවධාරණය කළේද පුද්ගලයා සතු වෘත්තීය නිපුණතාව මතු කර ගැනීම ගැනයි.

වහාම, සාමාන්‍යපෙළ කඩයිමේදීම මේ ගැන කල්පනා කළ යුතුය. වසර 10ක් තබා එක අවුරුද්දක්වත් අපතේ නොහැරිය යුතුය. වෙනස්ව හිතනවා යනු එයයි. එසේ වෙනස්ව කල්පනා කිරීම පොහොසත් වෙනසකට, හිතට එකඟ රැකියාවකට, සතුටු ජීවිතයකට පියවරක් තැබීමකි. එවිට ඊළඟ පියවරේදී ඔබට ගැලපෙන වෘත්තීය අධ්‍යාපන අවස්ථාවකුත්, එම වෘත්තීය සුදුසුකමට නියත ලෙසම රැකියාවකුත්, ඉගෙනීමයි රැකියාවයි දෙකම එකට කළ හැකි මාර්ගයකුත්, කැමතිනම් අන්තර්ජාතික විශ්වවිද්‍යාලයකින් උපාධියක් හදාරණ ඉඩකුත් පාදා ගැනීමට හැකි වනු ඇත. වහාම කළ යුතුව ඇත්තේ වෙනස් ලෙස කල්පනා කිරීමයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි. තමන් අසමත් වූ විභාග‍ය දරුවන් ලවා සමත් කරවන්නට  දෙමව්පියන් දරණ වෑයම වෙනස්ව කල්පනා කිරීම නොවේ. එයින් සිදු වන්නේ දරුවාගේ සතුටු ජීවිතයද උදුරා ගෙන දරුවාටද රුවන් දොර වැසීමයි. අඩුම තරමින් දරුවාගේ කුසලතාව මතු කෙරෙන ආකාරයේ වෘත්තීය අධ්‍යාපනයකට යොමු කිරීමටවත් කල්පනා කිරීම ප්‍රමාදව හෝ ජීවිතය සමත් වීමට දෙමව්පියන් ද වෑයම් කිරීමකි.

ලක්ෂමන් පියසේන


The English translation 

Sigiriya and Vocational Education

Lakshman Piyasena

Education changes lives. That is, if one chooses education conscious of their decisions and paths they take. Education shouldn’t only help understand the world better, but also provide sufficient guidance towards a sustainable career. This is where Sri Lanka’s education system falls short. Well into of the 21st century, we continue to adopt the eighty-year-old formula, which has failed to appreciate and develop skills that are unique to the individual. Sri Lanka hardly knows about vocational education, and the rest of the world has moved passed us.

Modern curriculums widely accept that splitting primary and secondary education into a plethora of subjects is pointless beyond a certain point. A more pragmatic experiment is event-based learning which provides context to the learners to connect to the knowledge through practice. The focus of this approach is on the individual interest and the skills required to transform that interest into a career, which is in line with the growing tendency towards educational strategies prioritizing vocational skills. Sri Lanka can no longer afford to avoid this trend.

Our biggest mistake has been leaving out ‘Shilpa’ from ‘Shilpa-Sastra’ and dwelling on the memorization of Sastra to pass exams. Most Sri Lankan perceives education as a set of hurdles from Grade 5 scholarship to the point of qualifying to a university.  Our examinations are mere competitions, instruments of boast. The young, with their parents’ blessings embrace this misguided nature, and go as far as the university level without realizing that entitlement to jobs requires professional qualifications and not just good grades. The result is the country's youth wasting the best years of their lives without direction nor a source of income. Faced with this reality, Sri Lanka’s future is indeed a bleak one. The Japanese economy, which was reduced to dust by atomic bombs, rose to become the world's second-largest economy in less than five decades by giving more of priority to ‘Shilpa’. Their education system produced professionals and simply not theorists. Our system produced neither.

Sigiriya, world heritage and a wonder to the world that still brings in the dollars today, is the work of artisans and professionals and not one achieved by playing up ‘Sastra’. We have turned our backs on vocational education, which our forefathers recognized and implemented well. We have also turned our backs on C. W. W. Kannangara and his 1943 reforms towards developing ‘head, heart and hands’. Today, well into bankruptcy, the undeniable truth is that there will be no upsurge in Sri Lanka without professional competence, the same professional competence Anagarika Dharmapala emphasized on, citing Japan.

Your options must be assessed at the O/Ls. Let alone 10 years; not a single year should be wasted. That is real change. Thinking differently is a step towards a prosperous change, a fulfilling job and a happy life. In the next step, you will find an educational opportunity that suits you, a fitting job for your professional skills, a way to combine work and study, and if you wish, a path to a degree from an international university. Take the first step.


Comments