1. නමස්කාරය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ
නමස්කාරය වේවා.
ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
2. තිසරණ සරණයාම
බුද්ධං සරණං ගච්චාමි
ධම්මං සරණං ගච්චාමි
සංඝං සරණං ගච්චාමි
දුතියම්පි බුද්ධං සරණං ගච්චාමි
දුතියම්පි ධම්මං සරණං ගච්චාමි
දුතියම්පි සංඝං සරණං ගච්චාමි
තතියම්පි බුද්ධං සරණං ගච්චාමි
තතියම්පි ධම්මං සරණං ගච්චාමි
තතියම්පි සංඝං සරණං ගච්චාමි
මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.
මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.
මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි.
දෙවනුව ද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.
දෙවනුව ද මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.
දෙවනුව ද මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි.
තෙවනුව ද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.
තෙවනුව ද මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.
තෙවනුව ද මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි.
3. පංචශීලය සමාදන්වීම
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමී
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමී
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමී
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුමාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමී
තිසරණේන සද්ධිං පංචසීලං සමාදියාමි
මම සතුන් මැරීමෙන් වෙන්වීමේ සිල්පදය සමාදන් වෙමි.
මම සොරකම් කිරීමෙන් වෙන්වීමේ සිල්පදය සමාදන් වෙමි.
මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමේ සිල්පදය සමාදන් වෙමි.
මම බොරු කීමෙන්, කේලාම් කීමෙන් වෙන්වීමේ සිල්පදය සමාදන් වෙමි.
මම මදයට, ප්‍රමාදයට කරුණුවන මත්කුඩු, රහ මෙර, සුරාපානය කිරීමෙන් වෙන්වීමේ සිල්පදය සමාදන්
වෙමි.
4. බුදු ගුණ සිහි කිරීම
ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
විඡ්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ
පුරිසදම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාතී
ස්වාමීණී! වාසනා සහිත සකල ක්ලේෂයන් දුරු කළ හෙයින්ද, සියලු
කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද, සංසාර චක්‍රයේ අරටු සිඳලූ හෙයින්ද, ලෝවැසියන්ගේ ආමිස පූජා,
ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන හෙයින් ද, රහසින්වත් පව් නොකළ හෙයින් ද අරහත්
නම් වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්‍ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ හෙයින්
සම්මා සම්බුද්ධ නම් වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් විජ්ඡාචරණ
සම්පන්න නම් වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ ශෝභන වූ ගමන් ඇති හෙයින් ද, සුන්දර වූ තැනට පැමිණි හෙයින් ද සුභාශිත
වචන වදාළ හෙයින් සුගත නම් වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝකයන් තත්වූ පරිද්දෙන් දන්නා හෙයින් ලෝකවිදු නම්
වන සේක.
ඒ භාග්‍යවතුන්වහන්සේ සියල්ලන් දමනය කළ හෙයින් අනුත්තර පුරිස දම්ම සාරථී නම් වන සේක.
දමනය කර නිවන කරා පමුණුවන හෙයින් ඒ භග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් ප්‍රධාන සත්වයන්ට
අනුශාසනා කරන හෙයින් සත්ථා නම් වන සේක.
ඒ භාග්‍යවතුන්වහන්සේ සංසාර ස්වභාවය සම්පූර්ණයෙන්ම දැන වදාළ හෙයින් බුද්ධ නම් වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ භග ධර්මයන් ඇති හෙයින් ද, සියලු කෙළෙස් මුලිනිපුටා දැමූ හෙයින්
ද, සසර ගමන සිඳලූ හෙයින් ද, නාම රූප ධර්මයන් විභාග කොට දෙසූ හෙයින් ද, භගවා නම් වන
සේක.
5. දහම් වැඳීම
ස්වාක්ඛාතෝ, භගවතා ධම්මෝ සන්දිට්ඨිකො, අකාලිකෝ,
ඒහිපස්සිකෝ, ඕපනයිකො, පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහීති
භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය
මනා කොට දේශනා කරන ලදී. එහෙයින් ස්වාක්ඛාත නම් වන සේක.
ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය තමා විසින් ම අවබෝධ කර ගත යුතු හෙයින් සන්දිට්ඨික නම්
වන සේක.
ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය මාර්ග සිතට අනතුරුව ම කල් නොයොවා ඵල සිත පහළ වන හෙයින්
අකාලික නම් වන සේක.
ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සිතෙහි පිහිටුවා ගත යුතු හෙයින් ඕපනයික නම් වන සේක.
ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය නුවණැත්තන් විසින් තම තමන්ම දත යුතු හෙයින් පච්චත්තවේදිතබ්බ
නම් වන සේක.
6. සඟුන් වැඳීම
සුපටිපන්නෝ භගවතො සාවක සංඝෝ
උජුපටිපන්නෝ භගවතො සාවක සංඝෝ
ඤායපටිපන්නෝ භගවතො සාවක සංඝෝ
සාමීචිපටිපන්නෝ භගවතො සාවක සංඝෝ
යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා
ඒස භගවතෝ සාවක සංඝෝ
ආහුනෙයියෝ පාහුනෙයියෝ දක්ඛිනෙයියෝ
අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං
ලෝකස්සාති
භාග්‍යවතුන් වහන්සේ ආර්ය මහා සංඝරත්නය සසුන් මගට මනාව පිළිපන්
හෙයින් සුපටිපන්න නම් වන සේක. මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන් හෙයින් උජුපටිපන්න නම් වන
සේක. නිවන් පිළිස මනාව පිලිපන් හෙයින් ඤායපටිපන්න නම් වන සේක. සසර දුක නැති කරන ප්‍රතිපදාවන්ට
මනාව පිලිපන් හෙයින් සාමීචිපටිපන්න නම් වන සේක. දුර බැහැර සිට පූජා ද්‍රව්‍යයන් ගෙනවුත්
පිදීමට සුදුසු වන හෙයින් ආහුණ්‍යෙය නම් වන සේක. දුර බැහැරින් එන ඤාතීන්ට පිළියෙල කළ
භෝජන පූජා කිරීමට සුදුසු වන හෙයින් පාහුණ්‍යෙය නම් වන සේක. දෙඅත් මුදුනෙහි තබා වැඳීමට
සුදුසු වන හෙයින් අඤ්ජලිකරණීය නම් වන සේක. ලෝකයාට උසස් වු පින් කෙතක් වන හෙයින් අනුත්තර
පිඤ්ඤඛෙත්ත නම් වන සේක.
7. චෛත්‍ය වන්දනාව
වන්දාමි චේතියං සබ්බං – සබ්බ ධානේසු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං – බුද්ධ රූපං සකලං සදා
සියලු ස්ථානයන්හි පිහිටි චෛත්‍යයන්ද, ශාරීරික ධාතුන් වහන්සේලා
ද, සියලු බුද්ධ ප්‍රතිමාවන් ද, මම සැමදා වඳිමි.
8. බෝධි වන්දනාව
යස්සමූලේ නිසින්නෝච – සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා – වන්දේතංබෝධිපාදපං
යම්කිසි වෘක්ෂ මූලයක වැඩහිඳ දසමරුන් පරදා අප ශාස්තෘ වූ
බුදුරජාණන් වහන්සේ, උතුම් සර්වඥතා ඤාණය උපදවා ගත්තේද, ඒ උතුම් බෝධි වෘක්ෂ රාජයාණන්
වහන්සේට මාගේ නමස්කාරය වේවා! වන්දනාමාන වේවා!
ඉමේ ඒතේ මහාබෝධී – ලෝකනාථේන පූජිතා
අහංපි තේ නමස්සාමි – බෝධිරාජා නමත්ථු තෙ
ලෝකනාථ වූ මාගේ බුදුරජාණන් වහන්සේ සත් දිනක් අනිමිස ලෝචන
පූජාවෙන් පිදුම් කළා වූ ඒ උතුම් බෝධිරාජයාණන් වහන්සේට මම ද ගෞරවයෙන් යුතුව මෙසේ නමස්කාර
කරමි.
ඉන්ද්‍රනීල වණ්ණ පත්ත සේත ඛන්ද භාසුරං
සත්ථු නෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං
අග්ග බෝධි නාම වාම දේවරුක්ඛ සණ්ණිභං
තං විසාල බෝදි පාදපං නමාමි සබ්බදා
ඉඳුනිල් මාණික්‍ය වැනි පත්‍ර වලින් හා සුදුපාට කඳින් බබලන්නා
වූත්, මාගේ බුදුරජාණන් වහන්සේගේ නෙත් පියුම් වලින් පූජා ලැබුවා වූත්, අග්‍ර මිහිර ගෙන
දෙන අග්‍ර බෝධි නම් සුන්දර වූ දෙව් රුකක් සේ වර්ණිත විශාල, එම බෝධි වෘක්ෂ රාජයාණන්
වහන්සේ මම හැම කල්හිම වඳිමි.
9. බුද්ධ පූජා ආරාධනාව
නිවේදයාමි සම්බුද්ධං – වීතරාගං මහාමුනිං
නිමන්තයාමි සුගතං – ලෝකජෙට්ඨං නරාසභං
වීතරාග මහා මුණි වූ, ලෝකාග්‍ර වූ, නර ශ්‍රේෂ්ඨ වූ, සුගත
වූ, සම්බුදුරජාණන් වහන්සේට ආරාධනා කරමි.
10. පහන් පූජාව
ඝනසාරප්ප දිත්තේන – දීපේන තමධංසිනා
තිලෝකදීපං සම්බුද්ධං – පූජයාමි තමෝනුදං
ශ්‍රද්ධාවෙන් දල්වන ලද අඳුර දුරලන්නාවූ මේ පහන් ආලෝකයෙන්
තුන් ලොවට මහා පහන් කණුවක් වැනි වූ මෝහන්ධකාරය දුරු කරන ලද බුදුරජාණන් වහන්සේ පුදමි.
11. සුවඳ දුම් පූජාව
ගන්ධ සම්භාර යුත්තේන – ධුපේනාහං සුගන්ධිනා
සුගන්ධිනාහං ගන්ධේන – පූජයාමි තථාගතං
පූජාවන්ට සුදුසු වූ, පූජා ලැබුවා වූ, උතුම් බුදුරජාණන්
වහන්සේට මේ සුවඳ දුමින් පුදමි.
සුගන්ධිකාය වදනං – අනන්ත ගුණගන්ධිනා
සුගන්ධිනාහං ගන්ධේන – පූජයාමි තථාගතං
අපමණ ගුණ සුවඳවත් වදන් ඇති, තථාගතයන් වහන්සේට සුවඳින් පුදමි.
12. මල් පූජාව
වණ්ණ ගන්ධ ගුණෝපේතං – ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස – සිරීපාද සරෝරුහේ
පැහැයෙන් හා සුවඳින් යුත් මේ මල් රැස මුනිඳුන් සිරිපා පියුමට
පුදනෙමි.
පූජේමි බුද්ධං කුසුමේනනේන
පුඤ්ඤේනමේතේන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදම්මේ
කායෝ තථායාති විනාස භාවං
මේ කුසුමින් බුදුන් පුදමි. මේ පිනෙන් මොක් සුවට ලබමි! මේ
මල් මැලවී යන්නා සේ මාගේ සිරුරද විනාශයට පත් වේයි.
13. පැන් පූජාව
අධිවාසේතු නෝ භන්තේ – පානීයං පරිකප්පිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
භාග්‍යවතුන් වහන්ස, පිළිගැනුමට යෝග්‍ය වූ මේ පැන් අනුකම්පා
පෙරදැරිව ඉවසා වදාරන සේක්වා!
14. ආහාර පූජාව
අධිවාසේතු නෝ භන්තේ – භෝජනං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
භාග්‍යවතුන් වහන්ස, පිළිගැනුමට යෝග්‍ය වූ මේ බොජුන් අනුකම්පා
පෙරදැරිව ඉවසා වදාරන සේක්වා!
15. ගිලන්පස පූජාව
අධිවාසේතු නෝ භන්තේ – ගිලාන පච්චයං ඉමං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
භාග්‍යවතුන් වහන්ස, පිළිගැනුමට යෝග්‍ය වූ මේ ගිලන් පස අනුකම්පා
පෙරදැරිව ඉවසා වදාරන සේක්වා!
15. දැහැත් පූජාව
නාග වල්ලී දලූ පේතං – චුණ්ණ පූග සමායුතං
තාම්බූලං පතිගණ්හාතු – සතං පූජේමිදං පිනෝ
බුලතින් හා හුණු පුවක් කප්‍රින් යුත්, මේ දැහැත්, තථාගතයන්
වහන්සේ ඉවසා වදාරණ සේක්වා !
16. සියල්ල එකවිට පූජා කිරීම
අධිවාසේ තුනෝ භන්තේ – සබ්බං සද්ධාය පූජිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
භාග්‍යවතුන් වහන්ස, පිළිගැනුමට යෝග්‍ය වූ සැදැහෙන් පුදන
ලද මේ සියල්ල අනුකම්පා පෙරදැරිව ඉවසා වදාරන සේක්වා !
17. දේව ආරාධනාව
සමන්තා චක්ක වාලේසු ‐
අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස ‐
සුණන්තූ සග්ග මොක්ඛදං
පරිත්තස්සවණ කාලෝ ‐
අයං භදන්තා
පරිත්තස්සවණ කාලෝ ‐
අයං භදන්තා
පරිත්ත ධම්මස්සවණ කාලෝ ‐
අයං භදන්තා
නමෝතස්ස
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස! ///
හාත්පස සක්වළ සිටිනා ‐ පිං කැමති දෙවියෝ
අප මහා මුණිරජුන්ගේ ශ්‍රී සදහම් ‐
ශ්‍රවණය කර ස්වර්ග මෝක්‍ෂ සුව ලබන්න
මේ කෙලෙස් නසන ධර්මය ශ්‍රවණයට ‐
මා සමඟ සම්බන්දවන්න (සවන්දෙන්න)
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!
18. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව
සබ්බ පාපස්‌ස අකරණං
කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන ශාසනං
සියලු පව් නොකිරීම
කුසල් දියුණු කර ගැනීම
සිය සිත පිරිසිදු කිරීම
එනම් මෙය බුදුවරුන්ගේ ශාසනයයි
19. මහා මංගල සූත්‍රය
ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති
ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා
කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමී. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා
ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨීතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන්
වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී
එක්තරා දෙවියෙක් මධ්‍යම රාත්‍රියෙහි මනස්කාන්ත පැහැයකින් යුතුව මුළු දෙව්රම බබුළුවා
ගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියේ ය. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා
කොට එකත්පසව සිට ගත්තේ ය. එකත්පසව සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ
පවසුවේ ය.
1. බහූදේවා මනුස්සා ච – මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං – බ්‍රෑහි මංගලමුත්තමං
බොහෝ දෙවි මිනිස්සු ද – සිතුවෝ ය මංගල කරුණු ගැන
යහපන කැමති ඔවුනට – උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිඳුනි.
2. අසේවනා ච බාලානං – පණ්ඩිතානඤ්ච සේවනා
පූජා ච පූජනීයානං – ඒතං මංගලමුත්තමං
නරක අය නොම ඇසුර ද – කළණමිතුරන් සමඟ නිති ඇසුර ද
පිදිය යුත්තන් පිදුම ද – මේවා උතුම් මංගල කරුණු ය
3. පතිරූපදේසවාසෝ ච – පුබ්බේ ච කතපුඤ්ඤතා
අත්තසම්මාපණිධි ච – ඒතං මංගලමුත්තමං
යහපත් තැනක විසුම ද – පෙර කළ පින් තිබීම ද
තමා යහමඟ යාම ද – මේවා උතුම් මංගල කරුණු ය
4. බාහුසච්චඤ්ච සිප්පඤ්ච – විනයෝ ච සුසික්ඛිතෝ
සුභාසිතා ච යා වාචා – ඒතං මංගලමුත්තමං
බොහෝ දැන උගත් බව – නොයෙකුත් ශිල්ප දත් බව
විනයකින් යුතු බව – මනා කොට හික්මුන බව
සුභාසිත වූ යම් බසක් වෙද – මේවා උතුම් මංගල කරුණු ය
5. මාතාපිතු උපට්ඨානං – පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා – ඒතං මංගලමුත්තමං
මව්පිය උපස්ථානය – අඹුදරුවන්ට සැළකුම
මැනැවින් වැඩ කෙරුම – මේවා උතුම් මංගල කරුණු ය
6.දානඤ්ච ධම්මචරියා ච – ඤාතකානඤ්ච සංගහෝ
අනවජ්ජානි කම්මානි – ඒතං මංගලමුත්තමං
දන් පැන් පිදීම ද – දහම තුළ හැසිරීම ද
නෑයන්ට සැළකීම ද – නිවැරදි දේ කිරීම ද
මේවා උතුම් මංගල කරුණු ය
7. ආරති විරති පාපා – මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදෝ ච ධම්මේසු – ඒතං මංගලමුත්තමං
පවෙහි නො ඇලීම ද – හැම පවින් වැළකීම ද
මත් පැනින් දුරු වීම ද – දහම තුළ නො පමාව ද
මේවා උතුම් මංගල කරුණු ය
8. ගාරවෝ ච නිවාතෝ ච – සන්තුට්ඨී ච කතඤ්ඤුතා
කාලේන ධම්මසවණං – ඒතං මංගලමුත්තමං
උතුමන්ට ගරු කිරීම ද – නිහතමානී වීම ද
ලද දෙයින් තුටු වීම ද – කෙළෙහි ගුණ සැලකීම ද
නිසි කලට බණ ඇසීම ද – මේවා උතුම් මංගල කරුණු ය
9. ඛන්තී ච සෝවචස්සතා – සමණානඤ්ච දස්සනං
කාලේන ධර්මසාකච්ඡා – ඒතං මංගලමුත්තමං
ඉවසන ගුණයෙන් යුතු බව – යහපතට අවනත බව
ශ්‍රමණවරු බැහැ දැකුම ද – නිසි කල දම් සභාව ද
මේවා උතුම් මංගල කරුණු ය
10.තපෝ ච බ්‍රහ්මචරියඤ්ච – අරියසච්චානදස්සනං
නිබ්බාණසච්ඡිකිරියා ච – ඒතං මංගලමුත්තමං
තපසෙහි විසීම ද – බඹසරෙහි හැසිරීම ද
ආර්ය සත්‍යයන් දැකීම ද – නිවන අවබෝධ වීම ද
මේවා උතුම් මංගල කරුණු ය
11. ඵුට්ඨස්ස ලෝකධම්මේහි – චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං – ඒතං මංගලමුත්තමං
අටලෝ දහම එන විට – නො සැලේද යමෙකුගෙ සිත
සෝක නැති කෙලෙසුන් නැති – බියක් නැති තැන සිටි විට
මේවා උතුම් මංගල කරුණු ය
12. ඒතාදිසානි කත්වාන – සබ්බත්ථමපරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡ්න්ති තං – තේසං මංගලමුත්තමන්ති
මේ අයුරින් කටයුතු කොට – අපරාජිත වී හැම තැන
යහපතට ම යති හැම තැන – එය ඔවුන් හට උත්තම මංගල කරුණු ය.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු !
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා !
20. රතන සූත්‍රය
1. යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං
පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි
රැස්වූහුද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා, තවද මාගේ වචනය සකසා අසත්වා.
2. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං
තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා
භූතයිනි, එබැවින් තෙපි සියල්ලෝ මාගේ වචනය අසවු, මනුෂ්‍ය
ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එලවත්ද (පූජා කරත්ද), එහෙයින්
නොපමාව ඔවුන් රකිවු.
3. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං
වා
සග්ගේසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
මිනිස් ලොකය හෝ නාග ලෝකය ආදී අන් ලොවෙක යම් ධනයක් වේද,
දෙව්ලොව හෝ මහඟු රුවනක් වේද, ඔවුන් අතුරෙහි තථාගතයන් හා සදෘශයෙක් (සමාන කළ හැක්කෙක්)
නැත්තේමය. මේ කරුණින් ද බුදුරජහු උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
4. ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
ශාක්‍යමුනි තෙම එකඟ වූ සිත් ඇත්තේ, කෙලෙස් නැසීමට නිමිති
වූ රාගයෙන් වෙන්වීමට නිමිතිවූ මරණයක් නැති උතුම්වූ යම් නිවනක් පසක් කෙළේද, ඒ දහම් හා
සම වූ කිසිවෙක් නැත්තේය. මේ කරුණින්ද නිවන් දහම උතුම් රුවනෙකි. මේ සත්‍යානුභාවයෙන්
සෙත් වේවා.
5. යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී
සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝ න විජ්ජති
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
බුද්ධ ශ්‍රෙෂ්ඨ තෙම අත්‍යන්ත පරිශුද්ධවූ යම් මාර්ග සමාධියක්
වර්ණනා කෙළේද, බුද්ධාදීහු ආනන්තරික (අනතුරුවම ඵල දෙන) සමාධියයි යමකට කියත්ද, ඒ සමාධිය
හා සමාන අන්‍ය සමාධියක් නැත. මේ කරුණින්ද ආර්ය මාරගය උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන්
සෙත් වේවා.
6. යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා
චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
ඒතේසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් ආර්ය පුද්ගලයෝ අටදෙනෙක්
වෙත්ද නොහොත් ප්‍රශස්ත වූ යම් එකසිය අටක් ආර්ය පුද්ගලයෝ වෙත්ද මොහු හැමදෙන යුගල වශයෙන්
සතර දෙනෙකි (සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත්). සුගත් බුදුරදුන්ගේ සවු වූ ඔහු තුමු
දක්ෂිණාවට සුදුස්සෝ වෙති. මේ බුදු සව්වන් කෙරෙහි දෙන ලද දානයෝ මහත් ඵල ඇත්තෝ වෙත් මේ
කරුණින්ද බුද්ධ ශ්‍රාවක සංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
7. යේ සුප්පයුත්තා මනසා දළ්හේන
නික්කාමිනෝ ගෝතමසාසනම්හි
තේ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
ගෞතම බුද්ධ ශාසනයෙහි වූ සුවිශුද්ධ කායවාක් කර්ම සංඛ්‍යාත
ශීලස්කන්ධයෙන් යුක්ත වූ ස්ථීර සිතින් යුක්තවූ ප්‍රඥාව කරණ කොටගෙන සියලු කෙලෙසුන්ගෙන්
නික්මුණාවූ යම් පුද්ගලකෙනෙක් වෙත්ද, ඔහු තුමු නිවනට බැසගෙන නො මිලයේ ම රහත්ඵල
සමවත ලැබ ගෙන එය විඳිනනහු වෙති. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන්
සෙත් වේවා.
8. යථින්දඛීලෝ පඨවිංසිතෝසියා
චතුබ්භි වාතේහි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං වදාමි
යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
යම්සේ පොළොව තුළ වැද සිටි (සිටවූ) ඉන්ද්‍රඛීලය (ස්ථම්භය)
සිවු දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නොවේද, ආර්ය සත්‍යයන් ප්‍රඥාවෙන් බැසගෙන දක්නා
පුරුෂයා (සෝවාන් පුද්ගලයා) එබන්දකු කොට කියමි. මේ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි.
මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
9. යේ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීරපඤ්ඤේන සුදේසිතානි
කිඤ්චා’පි තේ හොන්ති භුසප්පමත්තා
න තේ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
යම් සෝවාන් පුද්ගල කෙනෙක් ගැඹුරු නුවණැති බුදුරදුන් දෙසූ
ආර්ය සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද, ඔහු බෙහෙවින් පමාවූවාහු නමුත් අටවන භවයක් නො ගනිති.
මෙ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
10. සහාවස්ස දස්සනසම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි
චතූහපායේහි ච විප්පමුත්තෝ
ඡ්චාහි ඨානානි අභබ්බෝකාතුං
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
මේ සෝවාන් පුද්ගලයා ගේ දර්ශන සම්පත්තිය හෙවත් සෝවාන් මග
නුවණ පහළවීම සමගම සක්කාය දෘෂ්ටියද (බුද්ධාදී අටතන්හි) සැකයද යම් මිත්ථ්‍යාශීල ව්‍රත
කෙනෙක්වූහුනම් ඒ සියල්ලද යන මේ තුන් සංයෝජනයෝ (සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත
පරමාස) දුරුකරණ ලද්දෝ වෙත් හෙතෙම සතර අපායෙන් (නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර)
කෙරෙන් මිදුනේද වේ. ආනන්තය්‍ය කර්ම පසත් (ආනන්තරීය පාපකර්ම 5 ත්) මිතථ්‍යාදෘෂ්ටියත්
යන බැරෑරුම් පව් සය කරන්නටද හේ අභව්‍ය (සිදු නොවේ) ය. මේ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ
උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
11. කිඤ්චා’පි සෝ කම්මං කරෝති
පාපකං
කායේන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
ඒ සෝවාන් පුද්ගල තෙම කයින් හෝ වචනයෙන් හෝ නැතහොත් සිතින්
හෝ ප්‍රඥප්ති මාත්‍ර වූ කිසිවරදක් කරන්නේ නමුදු හේ එය සඟවන්නට නොහැක්කේය (සඟවන්නේ නැත).
දක්නාලද නිර්වාන පදය ඇති සෝවාන් පුද්ගලයාගේ අවශ්‍ය බව (ඇවැත් දෙසා සංවරයේ පිහිටයි)
බුදුරදුන් විසින් වදාරණ ලද්දේය. මේ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය
බලයෙන් සෙත් වේවා.
12. වනප්පගුම්බේ යථාඵුස්සිතග්ගේ
ගිම්හානමාසේ පඨමස්මිංගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයී
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
වන ලැහැබ තෙමෙ ග්‍රීෂ්ම සෘතුවේ පළමුවන මාසයෙහි හෙවත් බක්මස
සුපිපි අක් ඇත්තේ (මල් පිපෙන්නේ) යම්සේද, එසේ වූ නිවන්පුර පමුණුවන පර්ය්‍යාප්ති (වෙනස්
නොවන) ධර්මරත්නය පරමහිතාබ්‍ය (අන්යන්ගේ හිත සුව පිණිස) වූ නිවන් පිණිස ඒ බුදුරජ
තෙමෙ දේශනා කළහ. මේ කරුණින්ද බුදුරජ තෙමෙ රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
13. වරෝ වරඤ්ඤූ වරදෝ වරාහරෝ
අනුත්තරෝ ධම්මවරං අදේසයී
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
උතුම් වූ නිවන දන්නාවූ, උතුම් වූ නිවන දෙන්නාවූ, උතුම්
වූ නිවන් මග ගෙනහැර පාන්නාවූ, නිරුත්තරවූ බුදුරජාණන් වහන්සේ උතුම් වූ දහමක් දෙසූ සේක.
මේ කරුණින්ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
14. ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්තචිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණබීජා අවිරූළ්හිච්ඡ්න්දා
නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
යම් කෙනෙකුන්ගේ පුරාතන කර්ම රහත් මගින් ක්ෂීණ වූයේද අළුත්
කර්මයන්ගේ පහළ විමෙකුත් නැද්ද, මතු භවයක් කෙරෙහි නොඇළුණු සිතැති, ක්ෂීණවූ ප්‍රතිසන්ධි
විඥාන සංඛ්‍යාද බීජ ඇති, පුනර්භව සංඛ්‍යාත සංස්කාර වෘද්ධිය කෙරෙහි කැමැත්තක් නැති,
ධෛර්‍ය්‍ය සම්පන්නවූ ඒ රහත්හු මේ පහන මෙන් අවසන් සිත නිරුද්ධ වීමෙන් පිරිනිවෙත්. මේ
සත්‍ය බලයෙන් සෙත් වේවා.
15. යානීධ භූතානි සමාගතානි
භුම්මනි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු
පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස්වූහු
ද, ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමඳිමු. සත්ව ප්‍රජාවට
සෙත් වේවා.
16. යානීධ භූතානි සමාගතානි
භුම්මනි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හෝතු
පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස්වූහු
ද, ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පුදන ලද බුද්ධාදීන් විසින් අවබෝධ කරන ලද බැවින් තථාගත
වූ ධර්මය නමඳිමු. සත්ව ප්‍රජාවට සෙත් වේවා.
17. යානීධ භූතානි සමාගතානි
භුම්මනි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
සංඝං නමස්සාම සුවත්ථි හෝතු
පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස්වූහු
ද, ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ සංඝයා නමඳිමු. සත්ව ප්‍රජාවට සෙත්
වේවා.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
21. කරණීයමෙත්ත සූත්‍රය
1. කරණීයමත්ථකුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජු ච සූජූ ච
සුවචෝ චස්ස මුදු අනතිමානී
ශාන්ත පදයයි කියනු ලබන නිවනට පැමිණ වසන්නහු විසින් යමක්
කටයුතුද, දක්ෂයා විසින් එය කටයුතුයි. හෙතෙම දක්ෂයෙක් වන්නේය. සෘජු වන්නේය. මනාකොට සෘජු
වන්නේය. කීකරු වන්නේය. මෘදු වන්නේය. නිහතමානි වන්නේය.
2. සන්තුස්සකෝ ච සුභරෝ ච
අප්පකිච්චෝ ච සල්ලහුකවුත්තී
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ
ලද දෙයින් සතුටු වන්නේය. පහසුවෙන් පෝෂණය කළහැක්කේය. ස්වල්ප
කටයුතු ඇත්තෙක් වන්නේය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේය. ප්‍රගල්භය නැතිවන්නේය.
කුලයන් කෙරෙහි නොඇලුනෙක් වන්නේය.
3. න ච ඛුද්දං සමාචරේ කිඤ්චි
යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
යම් ක්‍රියාවකින් නුවණැති අන් කෙනෙක් නින්දා කෙරෙත්ද,
(එබඳු) ස්වල්පවූ වරදකුදු නොකරන්නේය. සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා. භය නැත්තෝ වෙත්වා.
සුඛිත සිත් ඇත්තෝ වෙත්වා.
4. යේ කේචි පාණභුතත්ථි
තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා
මජ්ඣිමා රස්සකාණුකථූලා
(කෙලෙස් සහිත බැවින්) භයින් ත්‍රස්ත වූ හෝ නිර්භය හෙයින්
ස්ථාවර වූ සියලු යම්කිසි සත්ව කෙනෙක් වෙත්ද, යම් සත්ව කෙනෙක් දීර්ඝ ජාති ඇත්තාහුද,
මහත් සිරුරු ඇත්තාහුද, මධ්‍යම ප්‍රමාණ සිරුරු ඇත්තෝද, මිටි සිරුරු ඇත්තෝද, ඉතා සියුම්
සිරුරු ඇත්තෝද, ස්ථුල සිරුරු ඇත්තෝද,
5. දිට්ඨා වා යේව අද්දිට්ඨා
යේ ච දූරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
ඇසට පෙනෙන්නාවූ හෝ නොපෙනෙන්නාවූ යම් සත්ව කෙනෙක් වෙත්ද,
යම් සත්ව කෙනෙක් දුර වෙසෙත්ද, නුදුරෙහි වෙසෙත්ද, ඉපදීම අවසන් කළ සත්වයෝ වෙත්ද, ඉපදීම
සොයන සත්වයෝද, යන සියලු සත්වයෝ සුඛිත සිත් ඇත්තෝ වෙත්වා.
6. න පරෝ පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
ඛ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය
අනිකෙක් අනිකෙකු නොරවටනේය. කිසි තැනකහි ඒ කිසිවකුට අවමන්
නොකරන්නේය. කාය වාක් විකාරයෙන් වූ කෝපයෙන්ද, මනෝ විකාරයෙන් වූ පටිඝ සංඥායෙන්ද, එකෙක්
අනෙකකුට දුකක් නොකමැති වන්නේය.
7. මාතා යථා නියං පුත්තං
ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
ඒවම්පි සබ්බභූතේසු
මානසං භාවයේ අපරිමාණං
යම්සේ මවක් තම එකම පුතු දිවි පිදීමෙන් රකීද, හැම සතුන්
කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩන්නේය.
8. මෙත්තං ච සබ්බ ලෝකස්මිං
මානසං භාවයේ අපරිමාණං
උද්ධං අධෝ ච තිරියඤ්ච
අසම්බාධං අවේරං අසපත්තං
උඩද, යටද, සිරසද, සම්බාධ නැතිව වෛර නැතිව සතුරන් නැති සියලු
සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිත වඩන්නේය.
9. තිට්ඨං චරං නිසින්නෝ වා
සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
ඒතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු
සිටින්නේ හෝ, ඇවිදින්නේ හෝ, උන්නේ හෝ, නිදන්නේ හෝ, යම්තාක්කල්
නොනිදා ද, ඒතාක් මේ මෛත්‍රී සහගත සිහිය ඉටන්නේය. මෙය මේ ශාසනයෙහි බ්‍රහ්ම විහාරයයි.
10. දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නෝ
කාමේසු විනෙය්‍ය ගේධං
නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති
මිථ්‍යාදෘෂ්ටියට නොපැමිණ සිල්වත් වූයේ, දර්ශනයෙන් යුක්ත
වූයේ, වස්තුකාමයන්හි ගිජු බව දුරු කොට, ඒකාන්තයෙන් මවු කුස පිළිසිඳ ගැනිමට නැවත නො
එන්නේය.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
22. අංගුලිමාල පිරිත
පරිත්තං යං භණන්තස්ස – නිසින්නට්ඨානධෝවනං
උදකම්පි විනාසේති – සබ්බමේව පරිස්සයං
සොත්ථිනා ගබ්භවුට්ඨානං – යං ච සාධේති තං ඛණේ
ථේරස්සංගුලිමාලස්ස – ලෝකනාථේන භාසිතං
කප්පට්ඨායිමහාතේජං – පරිත්තං තං භණාමහේ
ඒ අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩ හිඳ යම් පිරිතක් දෙසා වදාළ තැනක් ඇද්ද, එම තැන සේදූ දිය පවා සියලු පීඩා දුරු කර දමන්නේ ය. ගර්භිණී මාතාවක් යම් දුකකින් පෙළෙයි නම්, ඒ දුක සැණෙකින් බැහැර වී සුවපත්ව නැගිටින්නී ය. ලෝකනාථ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් කල්පයක් බල පවතින මහා තේජසින් යුතුව ආඥා කොට අංගුලිමාල මහරහතන් වහන්සේ විසින් වදාරණ ලද ඒ අංගුලිමාල පිරිත අපි දැන් කියන්නෙමු.
යථෝහං භගිනි, අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වෝරෝපේතා, තේන සච්චේන සොත්ථි තේ හෝතු, සොත්ථි ගබ්භස්සාති.
“පින්වත් නැගණියෙනි, යම් දිනෙක මම් උතුම් නිවනට පමුණුවන මාර්ගඵලලාභී ආර්ය ජාතියෙහි උපත ලැබුවෙම් ද එදා සිට දැන දැන ප්‍රාණියෙකු ජීවිතයෙන් තොර කළ බවක් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! දරුගැබට ද සෙත් වේවා!”
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
23. මෝර පිරිත
උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං.
ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.
යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා.
යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන අහර සෙවීමෙහි හැසිරෙයි.
අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං
ඇස් ඇති, ඒක රාජ වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ මේ හිරු තෙම පහවෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද අපි සුවසේ වසමු.
යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති.
යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන වාසය කළේ යි.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
24. ගිරිමානන්ද සූත්‍රය
1. ඒවං මේ සුතං, ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ, තේන ඛෝ පන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාළ්හගිලානෝ.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ගිරිමානන්ද ස්ථවිර තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකට පැමිණියේ, දැඩි ගිලන් බව ඇත්තේ වෙයි.
2.අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසිදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්තෝ භගවන්තං ඒතදවෝච.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස්ව හුන්නේය. එකත්පසව හුන් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේ ය.
3. ආයස්මා භන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ. සාධු භන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපදායාති.
භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර තෙමේ උපන් ආබාධ ඇත්තේ, පැමිණි දුක් ඇත්තේ, දැඩිව ගිලන් වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් කරා වඩනා සේක් නම් මැනවි.
4. සචේ ඛෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සඤ්ඤා භාසෙය්‍යාසි. ඨානං ඛෝ පනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දසසඤ්ඤාසුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භෙය්‍ය. කතමා දස?
ආනන්දයෙනි, ඉදින් තෙපි ගිරිමානන්ද මහණහු වෙත එළඹ දශ සංඥා කියහු නම්, යම් හෙයකින් දශ සංඥා අසා ගිරිමානන්ද මහණහු ගේ ඒ ආබාධය හේතු වශයෙන් සංසිඳෙන්නේය. කවර දශයෙක් (දහයක්) ද යත්?
5. අනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා, ආදී නවසඤ්ඤා, පහානසඤ්ඤා, විරාග සඤ්ඤා, නිරෝධසඤ්ඤා, සබ්බලෝකේ අනභිරතසඤ්ඤා, සබ්බ සංඛාරේසු අනිච්චසඤ්ඤා, ආනාපානසති.
අනිත්‍ය සංඥාය, අනාත්ම සංඥාය, අශුභ සංඥාය, ආදීනව සංඥාය, ප්‍රහාණ සංඥාය, විරාග සංඥාය, නිරෝධ සංඥාය, සියලු ලෝකයෙහි කලකිරීම් සංඛ්‍යාත සංඥාය, සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාය, ආනපාන සතිය යන දශයයි.
6. කතමාචා’නන්ද අනිච්චසඤ්ඤා?
ඉධා’නන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූල ගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉතිපටිසංවික්ඛති. රූපං අනිච්චං වේදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චති. ඉති ඉමේසු පඤ්චසු පාදානක්ඛන්ධේසු අනිච්චානුපස්සි විහරති.
අයං චුච්චතා’නන්ද අනිච්චසඤ්ඤා.
ආනන්දයෙනි, අනිත්‍ය සංඥාව කවරී ද?
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි, රුක් මුලට ගියේ වේවයි, ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ නුවණින් සලකන්නේ ය. රූපය අනිත්‍යය, වේදනා අනිත්‍යය, සංඥා අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඥානය අනිත්‍යය, මෙසේ මේ පඤ්චොපාදානස්ඛන්ධයන්හි අනිත්‍යානුදර්ශීව වසයි.
ආනන්දයෙනි, මේ අනිත්‍යසංඥායයි කියනු ලැබේ.
7. කතමා චා’නන්ද අනත්ත සඤ්ඤා?
ඉධා’නන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූල ගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉතිපටිසංවික්ඛති. චක්ඛුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දා අනත්තා, ඝාණං අනත්තා, ගන්ධා අනත්තා, ජිව්හා අනත්තා, රසා අනත්තා, කායෝ අනත්තා, ඵොට්ඨබ්බා අනත්තා, මනෝ අනත්තා, ධම්මා අනත්තා’ති. ඉති ඉමේසු ඡසු අජ්ඣත්තික බාහිරේසු ආයතනේසු අනත්තානු පස්සී විහරති.
අයං චුච්චතා’නන්ද අනත්ත සඤ්ඤා.
ආනන්දයෙනි, අනාත්ම සංඥා කවරයත්?
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි, ………………… මෙසේ නුවණින් සලකන්නේ ය. චක්ෂුව අනාත්මය. රූප අනාත්මය, ශ්‍රොතස අනාත්මය, ශබ්ද අනාත්මය, ඝ්‍රාණය අනාත්මය, ගන්ධය අනාත්මය, ජිව්හා අනාත්මය, රස අනාත්මය, කය අනාත්මය, ධර්ම අනාත්මයයි මෙසේ සැවැදෑරුම් අධ්‍යාත්මික බාහිර ආයතනයන්හි අනාත්මානුදර්ශීව වාසය කරයි.
ආනන්දයෙනි, මේ අනාත්ම සංඥා යයි කියනු ලැබේ.
8. කතමා චා’නන්ද අසුභසඤ්ඤා?
ඉධානන්ද භික්ඛූ ඉමමේව කායං උද්ධං පාදතලා අධෝකේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති.
අත්ථි ඉමස්මිං කායේ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහාරු, අට්ඨි, අට්ඨිමිඤ්ජා, වක්කං, හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරී සං, පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු වසා, ඛෙලෝ, සිංඝානිකා, ලසිකා, මුත්තන්ති.
ඉති ඉමස්මිං කායේ අසුභානුපස්සි විහරති. අයං වුච්චතානන්ද අසුභසඤ්ඤා.
ආනන්දයෙනි, අශුභ සංඥා කවර යත්?
ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ පා තලින් උඩ කෙස් මතුයෙන් සම හිම්කොට ඇති නානාප්‍රකාර අශුචියෙන් පිරි මෙම කය ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ය. මේ කයෙහි කේශයෝ ය, රෝමයෝ ය, නිය ය, දත් ය, සම් ය, මාංශ ය, නහර ය, ඇට ය, ඇට මිදුලු ය, වකුගඩු ය, හෘදය, අක්මා ය, දලබුය, බඩදිව ය, පපු කැණය, අතුනු ය, අතුනු බහනය, ඖදර්‍ය්‍යය, පුරීෂය, පිත් ය, ශ්ලෙස්මා ය, පූයා ය, ලේ ය, සෝදි ය, මේදස් ය, කඳුළු ය, වුරුණු තෙල් ය, කෙල ය, මුකුනු ය, සඳ මුදුලු ය, මූ ය යන මොහු ඇතැයි මෙසේ මේ කයෙහි අශුභානුදර්ශීව වාසය කරයි.
ආනන්දයෙනි, මේ අශුභ සංඥා යයි කියනු ලැබේ.
9. කතමා චා’නන්ද ආදීනවසඤ්ඤා?
ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාර ගතෝ වා ඉතිපටිසංවික්ඛති. බහු දුක්ඛෝඛෝ අයංකායෝ, බහු ආදීනවෝ, ඉති ඉමස්මිං කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති. සෙය්‍යථීදං. චක්ඛුරෝගෝ, සෝතරෝගෝ, ඝාණරෝගෝ, ජිව්හාරෝගෝ, කායරෝගෝ, සීසරෝගෝ කණ්ණරෝගෝ, මුඛ රෝගෝ, දන්තරෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්ඡරෝගෝ, මුච්ඡා, පක්ඛන්දිකා, සුලා, විසූචිකා, කුට්ඨං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්ඡු, රඛසා, විතච්ඡිකා, ලෝහිතපිත්තං, මධුමේහෝ, අංසා පිළකා, භගන්දළා.
පිත්තසමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාතසමුට්ඨානා ආබාධා, සන්තිපාතිකා ආබාධා, උතුපරිනාමජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා, සීතං උණ්හං ජිඝච්ඡා, පිපාසා, උච්චාරෝ, පස්සාවෝ’ති.
ඉති ඉමස්මිං කායේ ආදීනවානුපස්සි විහරති. අයං වුච්චතානන්ද ආදීනවසඤ්ඤා.
ආනන්දයෙනි, ආදීනව සංඥා කවර යත්?
ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ වලට යියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, ශුන්‍යාගාරයට ගියේ වේවයි, මෙසේ සලකන්නේය. බොහෝ දුක් ඇති මේ කාය බොහෝ ආදීනව ඇත්තේය. මෙසේ මේ කයෙහි විවිධ ආබාධයෝ උපදනාහ. ඔහු කවරහ යත්? චක්ඛු රෝග ය, සොත රෝග ය, ඝාන රෝග ය, ජිව්හා රෝග ය, කාය රෝග ය, සිස රෝග ය, කණ්ණ රෝග ය, මුඛ රෝග ය, දන්ත රෝග ය, කාස ය, ශ්වාස ය, පිනස ය, දාහ ය, ජ්වර ය, කුච්ඡි රෝග ය, මුර්ජා ය, පක්ඛන්දිකා ය, ශූලා ය, විශුවිකා ය, කුෂ්ට ය, ගණ්ඩය, කිලාස ය, ස්වාස ය, අපස්මාර ය, දද්දු ය, කණ්ඩු ය, රඛසා ය, විතච්ඡිකා ය, ලෝහිත පිත්ත ය, මධුමේහ ය, අංස ය, පිළිකා ය, භගන්දරා ය, පිතින් උපදනා ආබාධ ය, වාතයෙන් උපදනා ආබාධ ය, සන්නිපාතික ආබාධ ය, සෘතුපරිණාමයෙන් වන ආබාධ ය, විෂම පරිහාරයෙන් උපදනා ආබාධ ය, උපක්‍රමයෙන් උපදනා ආබාධ ය, කර්මවිපාකයෙන් උපදනා ආබාධ ය, ශීත ය, උෂ්ණ ය, සා ය, පවස ය, උච්චාර ය, පස්සාව ය යි, මෙසේ මේ කයෙහි ආදීනවානුදර්ශිව වෙසෙයි.
ආනන්දයෙනි මේ ආදිනවානුසංඥායයි කියනු ලැබේ.
10. කතමා චා’නන්ද පහානසඤ්ඤා?
ඉධානන්ද භික්ඛු උප්පන්නං කාම විතක්කං නාධිවාසේති පජහති විනෝදේති ඛ්‍යන්තීකරෝති අනභාවං ගමේති. උප්පන්නං ව්‍යාපාද විතක්කං නාධිවාසේති පජහති විනෝදේති ඛ්‍යන්තීකරෝති අනභාවං ගමේති. උප්පන්නං විහිංසා විතක්කං නාධිවාසේති පජහති විනෝදේති ඛ්‍යන්තීකරෝති අනභාවං ගමේති. උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති පජහති විනෝදේති ඛ්‍යන්තීකරෝති අනභාවං ගමේති.
අයං වුච්චතා’නන්ද පහාන සඤ්ඤා.
ආනන්දයෙනි, ප්‍රහාණ සංඥා කවරයත්?
ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ උපන් කාම විතර්ක නො ඉවසයි, දුරලයි, වෙසෙසින් දුරු කෙරෙයි, අභාවයට පමුණුවයි. උපන් විහිංසා විතර්කය නො ඉවසයි, දුරලයි, වෙසෙසින් දුරු කෙරෙයි, අභාවයට පමුණුවයි.
ආනන්දයෙනි මේ ප්‍රහාණ සංඥාවයයි කියනු ලැබේ.
11. කතමා චා’නන්ද විරාගසඤ්ඤා?
ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමුලගතෝ වා සුඤ්ඤා ගාරගතෝ වා ඉති පටිසංවික්ඛති. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණන්ති.
අයං වුච්චතා’නන්ද විරාගසඤ්ඤා.
ආනන්දයෙනි, විරාග සංඥා කවරයත්?
ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ වලට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, ශුන්‍යාගාරයට ගියේ වේවයි, මෙසේ සලකන්නේ ය. සර්ව සංස්කාරයන් ගේ යම්බඳු සමථයෙක් සර්වෝපධීන් ගේ දුරලීමෙක් තෘෂ්ණාක්ෂයෙක් විරාගයෙක් නිර්වාණයෙක් වේ නම් එය ශාන්ත ය. එය ප්‍රණීතය.
ආනන්දයෙනි මේ විරාග සංඥාය යි කියනු ලැබේ.
12. කතමා චා’නන්ද නිරෝධසඤ්ඤා?
ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමුලගතෝ වා සුඤ්ඤා ගාරගතෝ වා ඉති පටිසංවික්ඛති. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණන්ති.
අයං වුච්චතා’නන්ද නිරෝධසඤ්ඤා.
ආනන්දයෙනි, නිරෝධ සංඥා කවරයත්?
ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ වලට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, ශුන්‍යාගාරයට ගියේ වේවයි, මෙසේ සලකන්නේ ය. සර්ව සංස්කාරයන් ගේ යම්බඳු සමථයෙක් සර්වෝපධීන් ගේ දුරලීමෙක් තෘෂ්ණාක්ෂයෙක් විරාගයෙක් නිර්වාණයෙක් වේ නම් එය ශාන්ත ය. එය ප්‍රණීතය.
ආනන්දයෙනි මේ නිරෝධ සංඥාය යි කියනු ලැබේ.
13. කතමා චා’නන්ද සබ්බලෝකේ අනභිරථසඤ්ඤා?
ඉධානන්ද භික්ඛු යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අධිට්ඨානාභිනිවේසානුසයා තේ පජහන්තෝ විරමති න උපාදියන්තෝ.
අයං වුච්චතා’නන්ද සබ්බලෝකේ අනභිරථසඤ්ඤා.
ආනන්දයෙනි, සර්වලෝකයෙහි අනභිරත සංඥා කවරයත්?
ආනන්දයෙනි, මේ සස්නෙහි භික්ෂුනමක් ලෝකයෙහි පඤ්චස්ඛන්දය පිළිබඳ් දැඩි ගැනීමක් හෝ සිත පිළිබඳ අරමුණු අනුව ඇතිවන කෙලෙස් හෝ වෙත් නම් ඔවුන් දුරු කරන්නේ වේද? දැඩිව අල්වා නොගන්නේ වේද, මෙය ලෝකයෙහි කලකිරීම් සහගත හැඟීම යයි කියනු ලැබේ.
14. කතමා චා’නන්ද සබ්බසංඛාරේසු අනිච්චසඤ්ඤා?
ඉධානන්ද භික්ඛු සබ්බසංඛාරේහි අට්ටීයති හරායති ජිගුච්ඡති. අයං වුච්චතා’නන්ද සබ්බසංඛාරේසු අනිච්චසඤ්ඤා.
ආනන්දයෙනි, සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යසංඥාව කවරයත්?
ආනන්දයෙනි, මේ සසුනෙහි මහණ තෙම හැම ප්‍රත්‍යුත්පන්ත ධර්මයන්ගෙන් පෙළෙයි. ලජ්ජා වෙයි. පිළිකුල් කෙරෙයි. ආනන්දයෙනි, මේ සර්වසංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාවයයි කියනු ලැබේ.
15. කතමා චා’නන්ද ආනාපානසති?
ඉධානන්ද භික්ඛු අරඤ්ඤ්ගතෝ වා රුක්ඛමූල ගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපත්වා.
සෝ සතෝව අස්සසති, සතෝ පස්සසති,
දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමී’ති පජානති. දීඝං වා පස්සසන්තෝ දිඝං පස්සසාමී’ති පජානාති.
රස්සං වා අස්සසන්තෝ රස්සං පස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමී’ති පජානාති.
සබ්බකායපටිසංවේදි අස්සසිස්සාමී’ති සික්ඛති, සබ්බකාය පටිසංවේදි පස්සසිස්සාමිති සික්ඛති.
පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති. පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.
පීතිපටිසංවේදි අස්සසිස්සාමී’ති සික්ඛති, පීතිපටිසංවේදී පස්සසිස්සාමී’ති සික්ඛති.
සුඛපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවේදී පස්සසිස්සාමී’ති සික්ඛති.
චිත්ත සංඛාර පටිසංවේදි අස්සසිස්සාමී’ති සික්ඛති. චිත්ත සංඛාර පටිසංවේදී පස්සසිස්සාමී’ති සික්ඛති.
පස්සම්භයං චිත්තසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්ත සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවේදි අස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවේදි පස්සසිස්සාමි’ති සික්ඛති.
අභිප්පමෝදයං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති. අභිප්පමෝදයං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති.
සමාදහං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති. සමාදහං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති.
විමෝචයං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති. විමෝචයං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති.
අනිච්චානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති. අනිච්චානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.
විරාගානුපස්සි අස්සසිස්සාමී’ති සික්ඛති. විරාගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.
නිරෝධානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති. නිරෝධානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.
පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.
අයං වුච්චතා’නන්ද ආනාපානසති.
ආනන්දයෙනි, ආනාපානාසති කවරයත්?
ආනන්දයෙනි, මේ සසුනෙහි මහණ වලට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි ශුන්‍යාගාරයට ගියේ වෙවයි කය සෘජුකොට තබා සිහි පෙරට කොට එළවා පලක් බැඳ හිඳියි. ඒ සිහි ඇතිසේම ආශ්වාස කෙරෙයි, සිහි ඇතිසේ ම ප්‍රාශ්වාස කෙරෙයි.
දීර්ඝ කොට ආශ්වාස කරනුයේ හෝ දීර්ඝ කොට ආශ්වාස කෙරෙමියි දනී. දීර්ඝකොට ප්‍රශ්වාස කරනුයේ හෝ දීර්ඝකොට ප්‍රශ්වාස කරමියි දනී.
ලඝු කොට ආශ්වාස කරනුයේ හෝ ලඝු කොට ආශ්වාස කෙරෙමියි දනී. ලඝු කොට ප්‍රශ්වාස කරනුයේ හෝ ලඝු කොට ප්‍රශ්වාස කරමියි දනී.
සකල ආශ්වාස කායය මුල මැද අග පහළ කරමින් ආශ්වාස කරමි යි හික්මෙයි. සකල ප්‍රශ්වාස කාය මුල මැද අග පහළ කරමින් ප්‍රශ්වාස කරමියි හික්මෙයි.
ඖදාරික ප්‍රශ්වාස කාය සංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරමින් හික්මෙයි.
ප්‍රීතිය මොනවට දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. ප්‍රීතිය මොනවට දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
සුඛය මොනවට දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සුඛය මොනවට දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
චිත්තසංස්කාරය දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. චිත්තසංස්කාර දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි.
ඖදාරික චිත්තසංස්කාර සංහිඳුවමින් ආශ්වාස කරමියි හික්මෙයි. ඖදාරික චිත්තසංස්කාර සංහිඳුවමින් ප්‍රශ්වාස කරමියි හික්මෙයි.
සිත දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සිත දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
සිත පහන් කරවමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සිත පහන් කරවමින් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
සිත අරමුණෙහි සමව තබමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සිත අරමුණෙහි සමව තබමින් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
නීවරණයෙන් සිත මුදමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. නීවරණයෙන් සිත මුදමින් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
අනිත්‍යානුදර්ශී වූයෙම් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. අනිත්‍යානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
විරාගානුදර්ශී වූයෙම් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. විරාගනුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
නිරෝධානුදර්ශී වූයෙම් ආශ්වාස කෙරෙමිහි හික්මෙයි. නිරෝධානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
ප්‍රතිනිඃසර්ගානුදර්ශී වුයෙම් හික්මෙයි ආශ්වාස කෙරෙමිහි හික්මෙයි. ප්‍රතිනිඃසර්ගානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
මේ ආනාපාන සතිය යි කියනු ලැබේ.
16. සචේ ඛෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා ඉමා දසසඤ්ඤා භාසෙය්‍යාසි. ඨානං ඛෝ පනේතං විජ්ජති. යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ ඉමා දස සඤ්ඤා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භෙය්‍යාති.
ආනන්දයෙනි, ඉදින් තෙපි ගිරිමානන්ද මහණනු වෙත ගොස් මේ දස සංඥා කියවු නම් යම් හෙයකින් මේ දශ සංඥා අසා ගිරිමානන්ද මහණහු ගේ ඒ ආබාධය හේතු විසින් සංහිඳෙන්නේ ය, යන කාරණය ඇත.
17. අථ ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සන්තිකේ ඉමා දස සඤ්ඤා උග්ගහෙත්වා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සඤ්ඤා ආභාසි.
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි මේ දශ සංඥා උගෙන ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන්ට මේ දශ සංඥා කීහ.
18. අථ ඛෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සඤ්ඤා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භි. වුට්ඨාහි චායස්මා ගිරිමානන්දෝ තම්හා ආබාධා තථා පහීනෝ ච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසී’ති.
ඉක්බිති මේ දශ සංඥා අසා ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුණුවෝත් ඒ ආබාධයෙන් නැගී සිටියේ ය. ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් ගේ ඒ ආබාධය එසේ ප්‍රහීණ වූයේ ය.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
සාධූ! සාධූ! සාධූ!
25.සූරිය පිරිත
ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේන ඛෝ පන සමයේන සුරියෝ දේවපුත්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති. අථ ඛෝ සූරියෝ දේවපුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තයං වේලායං ඉමං ගාථාං අභාසි.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක.
නමෝ තේ බුද්ධවීරත්ථු – විප්පමුත්තෝසි සබ්බධි
සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවාති
බුද්ධවීරයාණෙනි නුඹවහන්සේට නමස්කාර වේවා. හැම කල්හිම කෙලෙසුන් ගෙන් වෙසෙසින් මිදුණු සේක. සම්බධායකට පැමිණියෙමි. එසේ වූ මට පිළිසරණ වන මැනව.
අථ ඛෝ භගවා සූරියං දේව පුත්තං ආරබ්භ
රාහුං අසුරින්දං ගාථාහි අජ්ඣභාසි
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හිරු දෙවිපුත් අරබයා රාහු අසුරිඳු හට ගාථාවලින් වදාළ සේක.
තථාගතං අරහන්තං – සූරියෝ සරණං ගතෝ
රාහු සුරියං පමුඤ්චස්සු – බුද්ධා ලෝකානුකම්පකාති.
රාහු අසුරේන්ද්‍රය හිරු දෙව්පුත් තෙමේ නිකෙලෙස් වූ තථාගතයන් වහන්සේ සරණ ගියේ ය. බුදුවරු ලොවට අනුකම්පා කෙරෙති. එහෙයින් හිරු මුදව.
යෝ අන්ධකාරේ තමසී පභංකරෝ
වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ
මා රාහු ගිලි චරං අන්තලික්ඛේ
පජං මම රාහු පමුඥ්ච සුරියන්ති.
යම් සූර්යයෙක් අන්ධකාරේ ගනඳුරු දුරු හැර පහන් කෙරේද, බබළන මඬුලු ඇත්තේද, මහතෙද ඇත්තේද, එම්බල රාහුව අහසෙහි හැසිරෙන හිරු නොගිලව මගේ පුත්‍ර වූ හිරු මුදවයි වදාළ සේක.
අථ ඛෝ රාහු අසුරින්දෝ සුරියං දේවපුත්තං මුඤ්චිත්වා තරමානරූපෝ යේන වේපවිත්ති අසුරින්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා සංවිග්ගෝ ලෝම හට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ඨීතං ඛෝ රාහුං අසුරින්දං චේපවිත්ති අසුරින්දෝ ගාථාය අජ්ඣ්භාසී.
ඉක්බිති රාහු අසුරේන්ද්‍ර තෙමේ හිරු දෙව්පුත් හැර වෙළෙවිවූයේ වේපවිත්ති අසුරේන්ද්‍රයා යම් තැනෙක්හිද, එතැන්හි එළඹියේ ය. එළඹ සංවේග ඇත්තේ ලොමුදැහැගත් සිරුරු ඇත්තේ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ රාහු අසුරිඳු හට වේපචිත්ති නම් අසුරේන්ද්‍ර තෙම ගාථාවකින් මෙසේ කීයේ ය.
කින්නුසන්තරමානෝ ව – රාහු සුරියං පමුඤ්වසි.
සංවිග්ගරූපෝ ආගම්ම – කින්නුභීතෝව තිට්ඨසීති.
රාහු අසුරේන්ද්‍රය වෙලෙවි වූයේ හිරු මුදාහැරියෙහි කැළැඹුණු සිත් ඇත්තෙක්වැ අවුත් බියවූවකු මෙන් කුමක් හෙයින් සිටිනෙහි ද? යනුයි.
සත්තධා මේ ඵලේ මුද්ධා – ජීවන්තෝ න සුඛං ලභේ.
බුද්ධබාථාභිගීතෝම්හි – නෝ චේ මුඤ්චෙය්‍ය සුරියන්ති.
බුදුන් විසින් ගාථා දෙකකින් ගයන ලද්දක් ඇසුවෙමි. ඉදින් හිරු නොහැරියේ නම් මගේ හිස සත්කඩක්ව පැළෙයි. ජීවත්වන්නේ ද, සැපයක් නො ලබමි.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
26. චන්ද පිරිත
ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන, චන්දිමා දේවපුත්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති. අථ ඛෝ චන්දිමා දේවපුත්තෝ භගවන්තං අනුස්සරමානෝ, තායං වේලායං ඉමං ගාථාං අභාසි.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඬු මහසිටුහු ගේ ආරමයෙහි වඩ වසන සේක. එසමයෙහි වනාහි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් ගන්නා ලද්දේ වෙයි ඉක්බිති සඳ දෙව්පුත් තෙමේ එවෙලෙහි බුදුරජුන් සිහි කරමින් මේ ගාථාව කීය.
නමෝ තේ බුද්ධවීරත්ථු – විප්පමුත්තෝසි සබ්බධි
සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවාති.
බුද්ධ වීරයන්වහන්ස, (ඔබ වහන්සේ) සියලු කල්හි කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුණු සේක. එසේවූ ඔබ වහන්සේට නමස්කාර වේවා. මම සම්බාධයකට පැමිණියෙමි. ඒ මට පිළිසරණ වුවමැනව.
අථ ඛෝ භගවා චන්දිමං දේවපුත්තං ආරබ්භ
රාහුං අසුරින්දං ගාථාය අජ්ඣභාසි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ, සඳ දෙව් පුතුන් අරභයා රාහු අසරිඳු හට ගාථාවකින් මෙසේ වදාළ සේක.
තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ
රාහු චන්දං පමුඤ්චස්සු – බුද්ධා ලෝකානුකම්පකාති.
රාහු අසුරේන්ද්‍රයා සඳදෙව් පුත් තෙමේ අර්හත්වූ තථාගතයන් වහන්සේ සරණ ගියේය. බුදුවරයෝ ලොවට අනුකම්පා කරන්නෝ ය. (එහෙයින්) සඳු අත්හැරවයි වදාළ සේක.
අථ ඛෝ රාහු අසුරින්දෝ චන්දිමං දේවපුත්තං මුඤ්චිත්වා තරමානරූපෝ යේන වේපවිත්ති අසුරින්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා සංවිග්ගෝ ලෝම හට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨීතං ඛෝ රාහුං අසුරින්දං චේපවිත්ති අසුරින්දෝ ගාථාය අජ්ඣ්භාසී.
ඉක්බිති රාහු අසුරේන්ද්‍ර තෙමේ සඳු දෙව්පුත් හැර වෙළෙවිවූයේ වේපවිත්ති අසුරේන්ද්‍රයා යම් තැනෙක්හිද, එතැන්හි එළඹියේ ය. එළඹ සංවේග ඇත්තේ ලොමුදැහැගත් සිරුරු ඇත්තේ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ රාහු අසුරිඳු හට වේපචිත්ති නම් අසුරේන්ද්‍ර තෙම ගාථාවකින් මෙසේ කීයේ ය.
කින්නුසන්තරමානෝ ව – රාහු චන්දං පමුඤ්වසි.
සංවිග්ගරූපෝ ආගම්ම – කින්නුභීතෝව තිට්ඨසීති.
රාහු අසුරේන්ද්‍රය වෙලෙවි වූවකු මෙන් සඳු කුමක් පිණිස අත්හැරියෙහිද? කැළැඹුණු සිත් ඇත්තෙක්වැ අවුත් බියවූවකු මෙන් කුමක් හෙයින් සිටිනෙහි ද? යනුයි.
සත්තධා මේ ඵලේ මුද්ධා – ජීවන්තෝ න සුඛං ලභේ.
බුද්ධබාථාභිගීතෝම්හි – නෝ චේ මුඤ්චෙය්‍ය චන්දිමන්ති.
බුදුන් විසින් ගාථා දෙකකින් ගයන ලද්දක් ඇසුවෙමි. ඉදින් සදු නොහැරියේ නම් මගේ හිස සත්කඩක්ව පැළෙයි. ජීවත්වන්නේ ද, සැපයක් නො ලබයි.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
27. කඳ පිරිත
ඒවං මේ සුතං, ඒකං සමයං භගවා සාවත්ථියං විහරති
ජේතවනේ අනාථපිණ්ඩිකස්සා ආරාමේ.
තේන ඛෝ පන සමයේන සාවත්ථියං අඤ්ඤතරෝ
භික්ඛු අහිනා දට්ඨෝ කාලකතෝ හෝති.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි සැවැත් නුවර එක්තරා භික්ෂු නමෙක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලදුව කලුරිය කළේ ය.
අථ ඛෝ සබ්බහූලා භික්ඛු යේන භගවා
තෙනුපසංකමිංසු උපසංකමිත්වා භගවන්තං
අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං
නිසින්නා ඛෝ තේ භික්ඛු භගවන්තං ඒතදවෝචුං
එකල්හි, බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද, එතන්හි එළඹුනහු ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත් පසෙක හුන්නානු ය. එකත් පසෙක හුන්නා වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ පුවත දැන්වූහ.
ඉධ භන්තේ සාවත්ථියං අඤ්ඤතරෝ භික්ඛු
අහිනාදට්ඨෝ කාලකතෝති. නහ නූන් සෝ
භික්ඛවේ භික්ඛූ චත්තාරි අහිරාජකුලානි
මෙත්තේනචිත්තේනඵරි. සචේ හි සො
භික්ඛවේ භික්ඛු චත්තාරි අහිරාජකුලානි
මෙත්තේන චිත්තේන ඵරෙය්‍ය, නහි සෝ භික්ඛවේ
භික්ඛු අහිනා දට්ඨෝ දට්ඨෝ කාලංකරෙය්‍ය.
ස්වාමීන් වහන්ස, මේ සැවැත් නුවර සමීපයෙහි එක්තරා භික්ෂූ නමෙක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ, කළුරිය කළේ ය. මහණෙනි, ඒ භික්ෂූ තෙම සතර අභිරාජකුලය ඒකාන්තයෙන් මෙත් සිතින් නොපැතිර වී ය. මහණෙනි, ඉදින් වනාහි සතර අභිරාජ කුලයන් මෙත් සිතින් පැතිරවී නම් මහණෙනි ඒ භික්ෂු තෙම සර්පයා විසින් දෂ්ට කරන ලද්දේ නොම කලුරිය කරන්නේ ය.
කතමානි චත්තාරි අහිරාජකුලානි? විරූපක්ඛං
අහිරාජකුලං, ඒරාපථං අහිරාජකුලං ජබ්‍යා
පුත්තං අහිරාජකුලං කණ්හා ගෝතමකං
අහිරාජකුලං
සතර සහිරාජ කුලයෝ කවරහුදයත්? විරූපාක්ෂ නම් සර්ප රාජ කුලය, ඒරාපථ නම් සර්ප රාජ කුලය, ජබ්‍යා පුත්ත නම් සර්ප රාජ කුලය, කණ්හා ගොතමක නම් සර්ප රාජ කුලය, යන මේ සතරයි.
නහ නූන සෝ භික්ඛවේ භික්ඛූ ඉමානි චත්තාරි
අභිරාජකුලානි මෙත්තේන චිත්තේන එරි.
සචෙ හි සෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි
අහිරාජකුලානි මෙත්තේන චිත්තේන ඵරෙය්‍ය
න හිසෝ භික්ඛවේ භික්ඛු අහිනා දට්ඨෝ කාලං කරෙය්‍ය.
මහණෙනි, ඒ භික්ෂු තෙම, මේ සතර සර්ප කුලයන් ඒකාන්තයෙන් මෙත් සිතින් නොපැතිරවීය. මහණෙනි, ඉදින් වනාහි ඒ භික්ෂු තෙම මේ සතර සර්ප රාජ කුලයන් මෙත් සිතින් පැතිරවී නම්, මහණෙනි ඒ භික්ෂු තෙම සර්පයා විසින් දෂ්ට කරන ලද්දේ, නොම කලුරිය කරන් නේ ය.
අනුජානාමි භික්ඛවේ භික්ඛූ ඉමානි චත්තාරි
අහිරාජකුලානි මෙත්තේන චිත්තේන එරිතුං
අත්තගුත්තියා අත්තරක්ඛාය අත්තපරිත්තායාති.
මහණෙනි, මේ සතර සර්පරාජ කුලයන් මෙත් සිතින් පතුරු වන්නට අනුදනිමි (අවසර දෙමි). කුමක් හෙයින්ද? තමාගේ සංවරණය පිණිස තමහට ආරක්ෂාව පිණිස, තමාහට පිරිත් පිණිස, පවත්නා හෙයිනි.
ඉදමවෝච භගවා, ඉදං වත්වා සුගතෝ
අථාපරං ඒතදවෝච සත්ථා
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගත නම් වූ ශ්‍රාස්තෘන් වහන්සේ නැවත ද මත්තෙහි මෙය වදාළ සේක.
විරූපක්ඛේහි මේ මෙත්තං – මෙත්තං ඒරපථේහි මේ,
ජඛ්‍යාපුත්තේහි මේ මෙත්තං – මෙත්තං කණ්හාගෝතමකේහි ච.
මාගේ මෛත්‍රිය විරූපාක්ෂ නම් සර්ප කුලයන් සමග ය. මාගේ මෛත්‍රිය ඒරාපථ නම් සර්පරාජ කුලයන් සමග ය. මාගේ මෛත්‍රිය ජබ්‍යාපුත්ත නම් නාග කුලයන් සමග ය. මාගෙ මෛත්‍රිය කණ්හාගෝතමක නම් සර්ප කුලයන් සමග ය.
ආපාදකේහි මේ මෙත්තං – මෙත්තං දිපාදකේහි මේ,
චතුප්පදේහි මේ මෙත්තං – මෙත්තං බහුප්පදේහි මේ.
මාගේ මෛත්‍රිය පා නැති දීර්ඝ ජාතීන් සමග ය. මාගේ මෛත්‍රිය දෙපා ඇති මිනිස් ආදී (දිපාදිකයන්) සමග ය. මාගේ මෛත්‍රිය සිවුපා සතුන් සමග ය. මාගෙ මෛත්‍රිය බොහෝ පා ඇත්තවුන් සමග ය.
මා මං අපාදකෝ හිංසි – මා මං හිංසි දිපාදකෝ,
මා මං චතුප්පදෝ හිංසි – මා මං හිංසි බහුප්පදෝ.
අපාදක සත්වයෙක් මා නො පෙළාවා, දෙපාදක සත්වයෙක් මා නො පෙළාවා, සිවුපා සත්වයෙක් මා නො පෙළාවා, බොහෝ පා ඇති සත්වයෙක් නො පෙළාවා.
සබ්බේ සත්තා සබ්බේ පාණා – සබ්බේ භූතා ච කේවලා,
සබ්බේ භද්‍රානි පස්සන්තු – මා කඤ්චි පාපමාගමා.
සියලු සත්හු ද, සියලු ප්‍රාණීහු ද, හුදෙක් සියලු භූතයෝ ද, සැමදෙන යහපතක් ම දකිත්වා, කිසිවෙකුත් කරා දුකක් නො පැමිණේවා!
අප්පමාණෝ බුද්ධෝ’ අප්පමාණෝ ධම්මෝ’ අප්පමාණෝ සංඝෝ, පමාණවන්තානි සිරිංසපානි අභිවිච්ඡිකා සතපදී’ උණ්ණානාභි’ සරබූ මූසිකා, කතා මේ රක්ඛා කතා මේ පරිත්තා, පටික්කමන්තු භූතානි, සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මාසම්බුද්ධානන්ති.
බුද්ධ ගුණය අපමණ ය. දහම් ගුණය අපමණ ය. සංඝ ගුණය අපමණ ය. සිරිසපයෝ හෙවත් දීර්ඝ ජාතී හු ප්‍රමාණවත්හ, එනම් සර්පයෝ ය, ගෝනුස්සෝ ය, සතපදිහු ය (පත්තෑ ආදී), මකුළුවෝ ය, සිකනල්ලු ය, මූසිකය හු (යන මේ වශයෙනි). මා විසින් ආරක්ෂා කරන ලද්දාහ, පිරිත් කරන ලද්දාහ, භූතයෝ, පහවෙත්වා. ඒ මම භග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. සත් බුදුවරයන්ට නමස්කාර කරමි.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
28. ක්ෂමා කරවා ගැනීම
කායේන වාචා චිත්තේන
පමාදේන මයාකතං
අච්චයං ඛම මේ භන්තේ
භූරිපඤ්ඤ තථාගත
කායේන වාචා චිත්තේන
පමාදේන මයාකතං
අච්චයං ඛම මේ ධම්ම
සන්දිට්ධික අකාලික
කායේන වාචා චිත්තේන
පමාදේන මයාකතං
අච්චයං ඛම මේ සංඝ
සුපටිපන්න අනුත්තර
ස්වාමිනි මහා ප්‍රඥා තථාගතයන් වහන්ස, කයින්, වචනයෙන් සිතින් කරන ලද පමා වරදට මට සමා වන සේක්වා!
සාන්දෘෂ්ඨික අකාලික ශ්‍රී සද්ධර්මය කෙරෙහි කයින්, වචනයෙන් සිතින් කරන ලද පමා වරදට ධර්ම රත්නය මට සමා වන සේක්වා!
අනුත්තර දක්ෂිනාර්භ වු මහා සංඝ රත්නය කෙරෙහි කයින් වචනයෙන් සිතින් කරන ලද පමා වරදට, සංඝ රත්නය මට සමා වන සේක්වා!
29. දෙවියන් ඇතුළු සියලු සතුන්ට පින්දීම
එත්තාවතා ච අම්හේ හී
සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තූ
සබ්බසම්පත්ති සිද්ධියා
එත්තාවතා ච අම්හේ හී
සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ භූතා අනුමෝදන්තූ
සබ්බසම්පත්ති සිද්ධියා
එත්තාවතා ච අම්හේ හී
සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තූ
සබ්බසම්පත්ති සිද්ධියා
ආකාසට්ඨා ච භුම්මට්ඨා ‐
දෙවා නාගා මහිධිකා
පුඤ්ඤං තං අනුමොදිත්වා ‐
චිරං රක්ඛන්තු සාසනං
ආකාසට්ඨා ච භුම්මට්ඨා ‐
දෙවා නාගා මහිධිකා
පුඤ්ඤං තං අනුමොදිත්වා ‐
චිරං රක්ඛන්තු දෙසනං
ආකාසට්ඨා ච භුම්මට්ඨා ‐
දෙවා නාගා මහිධිකා
පුඤ්ඤං තං අනුමොදිත්වා ‐
චිරං රක්ඛන්තු මංපරං
මෙතෙකින් අප විසින් රැස් කරන ලද පුණ්‍ය සම්පත්තිය සකල සම්පත් සිදුවීම පිණිස සියළු දෙවියෝද, සියළු භූතයෝද, සියළු සත්වයෝද අනුමෝදන් වෙත්වා!
අහසෙහි විමන් හිද පොළොවෙහි වෘක්ශ පර්වතාදියෙහි අධිගෘහිත වුද, මහත් සෘද්ධි ඇති දෙවියෝද, බ්‍රහ්මයෝද පින් අනුමෝදන්ව සාසනයද, ධර්මයද, ශ්‍රාවකයන්ද, මාද අන්‍යයන්ද යහතින් බොහෝ කල් රකිත්වා.
30. ඥාතීන්ට පින්දීම
ඉදං මේ ඥාතීනං හෝතූ
සුඛිතා හෝන්තු ඥාතයෝ
ඉදං මේ ඥාතීනං හෝතූ
සුඛිතා හෝන්තු ඥාතයෝ
ඉදං මේ ඥාතීනං හෝතූ
සුඛිතා හෝන්තු ඥාතයෝ
මේ පිං මාගේ ඥාතීන්ට අයිති වේවා! ඒ නෑයෝ සුවපත් වේවා!
31. ප්‍රාර්ථනා
දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හේතු ව
වීතෝ භවතු ලෝකෝ ච
රාජා භවතු ධම්මිකෝ
ඉමිනා පුඤ්ඤකම්මෙන ‐
මා මෙ බාලසමාගමෝ
සතං සමාගමො හොතු ‐
යාව නිබ්බාණ පිත්තියා
ඉදං මේ පුඤ්ඤං ‐
ආසවක්ඛයාවහං හෝතු
සබ්බ දුක්ඛා පමුච්චතු ///
කලට වැසී වසී වා කෙත් වතු සාර වේ වා ලොව සතුටු වේ වා නිරිඳු සැම කල් දැහැමි වේ වා!
මා විසින් කරන ලද පින්කම් හේතු කරගෙන නිවන් දක්නා ජාති දක්වා අසත්පුරුෂ ජනී ජනයා ඇසුරට නොලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිතුරම ඇසුරට ලැබේවා!
මේ පින්කම මට නිවන් ලබාදෙන්නක් වේවා. සියලු දුකින් මිදේවා.
32. ස්වාමින් වහන්සේලාට වන්දනා කරන ගාථාව
ඔකාස වන්දාමි බන්තේ
මයා කථං පුඤ්ඤං සාමිනා අණුමෝදිතබ්බං
සාමිනා කතං පුඤ්ඤං මයිහන් දාතබ්බං
සාධු ! සාධු ! අණුමෝදමි
ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයන් ඛමත මේ බන්තේ
ඕකාස ඛමාමි බන්තේ
දුතියන්පි ඕකාස ඛමාමි බන්තේ
තතියන්පි ඕකාස ඛමාමි බන්තේ
සාධු ! සාධු ! සාධු !
අවසරයි ස්වාමීන් වහන්ස, මම වන්දනා කරමි. මා විසින් කරණ ලද පිං ස්වාමීන් වහන්සේ අණුමොදම් වන සේක්වා! ස්වාමීන් වහන්සේ විසින් විසින් කරණ ලද පිං මට අණුමෝදම් කරණ සේක්වා! සාධු ! සාධු ! අණුමෝදම් වෙමි. අවසරයි ස්වාමීන් වහන්ස, මාගේ තිදොරින් යම් වරදක් සිදුවූයේ නම් සමාවන සේක්වා.! අවසරයි ස්වාමීන් වහන්ස, මට සමාවන සේක්වා. දෙවනුවද, අවසරයි ස්වාමීන් වහන්ස, මට සමාවන සේක්වා තෙවනුවද, අවසරයි ස්වාමීන් වහන්ස, මට සමාවන සේක්වා සාධු ! සාධු ! සාධු !
ධර්ම
දානය පිණිසයි!
ධර්ම දානය යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාපේක්ෂාවන් නැති ව, අනුන්ට නිග්‍රහ කිරීමේ හෝ තමන් උසස් කිරීමේ හෝ අදහසින් තොරව, කරුණා මෛත්‍රියෙන් අන්‍යන්ට තථාගත ධර්මය කියා දීම ය, ධර්ම කථිකයන් ට සත්කාර කොට බණ කියවීම ය, දහම් පොත් පත් සම්පාදනය කිරීමය, දහම් පොත් පත් මුද්‍රණය කරවා හෝ මිළයට ගෙන හෝ දීම ය, ධර්මය උගන්වන ගුරුවරුන්ට ඒ සඳහා ආධාර කිරීම ය, ධර්මය උගන්නා ශිෂ්‍යනට ඒ සඳහා ආධාර කිරීම ය, දහම් හල් කරවීම ය, පොත් ගුල් පිහිටුවීම ය, තථාගත ධර්මයෙන් අන්‍ය වූ නිරවද්‍ය විද්‍යා ශාස්ත්‍ර උගැන්වීම ය, ඒවා උගන්වන තැන් ඇති කිරීම ය යන ආදිය සිදු කිරීම ය.
සබ්බ දානං ධම්ම දානං ජිනාති
සබ්බ රසං ධම්ම රසො ජිනාති
සබ්බ රතිං ධම්ම රතිං ජිනාති
තණහකඛයො සබ්බ දුකඛං ජිනාති
සියලු දානයන් අතුරෙන් ධර්ම දානය ජය ගනී.
සියලු රසයන් අතුරෙන් ධර්ම රසය ජයගනී,
සියලු ඇලීම් අතුරෙන් ධර්මයෙහි ඇලීම ජයගනී.
තෘෂ්ණාව නැති කිරීම (අර්හත් ඵලය) සියලු දුක් වලින් ජය ගනී
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,
නීරෝගි වෙත්වා,
සුවපත් වෙත්වා,
දුකින් මිදෙත්වා,
නිවන් දකිත්වා!!!
සාධු සාධු සාධු...!!!
මේ ධර්ම දාන පින චතුරාර්ය සත්‍යය අවබෝධ
කරගෙන නිර්වාන සැපත ලගා
කර ගැනීමටම හේතු වාසනා වේවා!
ඔබත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා!
මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ දුර්ලභ භාග්‍ය උදාවෙත්වා!
තෙරුවන් සරණයි!!!!
Comments